මේ සටහන තබන්න හිතුණෙ ජූලි 11 ඉරිදා දිවයින පුවත්පතේ ලියැවී තිබුණු සංවේදී ලිපියක් හේතුවෙන්. ඒ අවාසනාවන්ත ආකාරයට තම දරුවා අහිමි වුණු මවකගේ කතාවක්. http://gayindu.blogspot.com බ්ලොග් අඩවියෙන් ඔබට ඒ පිළිබඳව වැඩි විස්තර දැනගත හැකියි. පහත දැක්වෙන්නෙ එම අඩවියේ උපුටනයක්... සමහරවිට කාට හරි කවදා හරි මේ අයව හමුවෙන්න පුළුවන්. ඒ අම්ම තමන්ගෙම සැමියා විසින් පැහැර ගෙන ගිය සිය දරුවා ගැන තොරතුරක් දැන ගන්න මග බලන් ඉන්නව.
හැකි ඉක්මනින් ඒ මවට සිය දරුවා දැකගන්න ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව.
A Grieving Mother's Tale of Woe
I am a 39 year old Sri Lankan school teacher. I am married and have a very lovable son who is almost six years old now.
On May 6th 2008, my estranged husband abducted my son violating a court order issued regarding the custody of the child. I have reliable information that on the same day, he had left Sri Lanka for Chennai, India with the child. He may have gone to another country from India. He had used forged Passports obtained in assumed names for himself and the child as the genuine Passports had been black listed.
Real name of my son: Gayindu Kithmuka Madurapperuma
Number of genuine Passport: N1391026
Assumed name : Sudasingharatna Bandarage Don Gayindu Kithmuka Jayawardane
Number of forged Passport: N1084598
This person is a fugitive from justice. He has forcibly taken my son from my custody and illegally emigrated from the country. I cannot explain to you how much my son means to me. He is everything I have. So, if you have any lead, or if you can assist in any way to locate him, PLEASE send me an email. I will be ever so beholden to you.
Thank you.
Rajeewa Mallawarachchi
151/2, Warapalana, Udatuttiripitiya,
Sri Lanka.
Telephone: +94 33 2279074
Mobile: +94 775 531575
Email: rajeewam@yahoo.com
sugath_mal@yahoo.com
2010/07/14
2010/06/18
කාන්තාවන් විසින් ප්රකර්ශයක් සැපයීම අපේක්ෂිතයි...
ඔන්න දෙයියනේ කියල පශ්චාත් උපාධියකුත් ගොඩදාගත්තා. උපාධි ප්‍රධානෝත්සවයක් කියන්නෙ සෑහෙන්න ගාම්භීර උත්සවයක්නෙ. ඉතින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවෙ ඒක පවත්වන බවත් ඒ සඳහා පිළිවෙලට ඇඳගෙන එන්න කියල දන්වල එවල තිබුණ විතරක් නෙවෙයි, රුපියල් 2500/-කුත් ගෙවන්න නියම කරල තිබුණ. වැඩේ කියන්නෙ උපස්ථිතියෙ ගත්තත් අනුපස්ථිතියෙ ගත්තත් (එතැනට ගිහිල්ල ගත්තත් පස්සෙ වෙලාවක විශ්වවිද්‍යාලයට ගිහිල්ල ගත්තත්) ගානෙ වෙනසක් නෑ.
කොහොම කොහොම හරි කියපු වෙලාවට එතැනට ගියා. මෙන්න ප්‍රධාන ශාලාව ඉදිරිපස පඩි පේළියම ගලවල බිම හාරල තිබුණ. සරසවියෙ හිතවත් ආරක්ෂක නිලධාරී මහත්තයෙක් ඉස්සරහම ඉදල කිව්ව මේ පැත්තෙන් යන්න කියල. මම යනකොට පිරිස පේළියට හිටවල යන්න සූදානම්. මමත් ඉතින් එතැනට සෙට් උනා. දොරකින් ඇතුල් උනා, ඒක නිකං කළුවර ගුහාවක් වගේ. සරසවියෙ උපාධි ප්රධානෝත්සව ශාලාව මීට වඩා කොච්චර හොඳද කියල හිතුණ. මොකද ලොකුවට BMICH කිව්වට තිබුණෙ ඒක ඇතුළෙ වෙන පොඩි ශාලාවක. උපාධි ප්රධානෝතසවයක් වගේ දෙයකට ඒ වගේ තැනක් (මඩුවක්) ගැලපෙන්නෙ නෑ. ඔය එකතු කරපු 2500/- ටික තියා ගත්තනං විශ්වවිද්‍යාලෙ ශාලාව හොද මට්ටමකට සංවර්ධනය කරගන්න පුළුවන්.
වැඩේ පටන් ගන්න කලින්ම කව්ද ඇවිත් අපිව පිළිඅරගෙන ඒ වෙලාවට කළ යුතු නොකළයුතු දේවල් කිව්ව. ඒ වෙලාවෙ නිල ඡායාරූප ශිල්පියා කිව්ව අහවල් දවසට ඡායාරූප ගන්න විශ්වවිද්‍යාලයට එන්න කියල. ඒ එක්කම විශ්වවිද්‍යාලයෙන් කිව්ව උපාධි සහතිකය දෙන දිනය පසුව දැනුම් දෙන්නම් කියල. ඒ කියන්නෙ තාම ඒ ගැන හිතලවත් නෑ. සල්ලි තියෙන නිසා පස්සෙ ලියුමකින් දන්වයි. බලාගෙන ගියහම ඡායාරූප ශිල්පියාගෙ සූදානමක් තියෙනව.
ඔන්න ආචාර්ය මණ්ඩලේ පෙරහැර ආවා. ඊට පස්සෙ කුලපති පෙරහැර. මුලින්ම කුලපති හාමුදුරුවො උත්සවය ආරම්භ කළා. 2500/-ක් ගත්තට වතුර බෝතලයක්වත් නෑ. මට ඉදිරියෙන් හිටිය කෙනෙකුට කලන්තෙ හැදුනා. අන්තිමට පැය භාගයක් විතර ට්‍රයි කරල තමයි කට්ටිය වතුර ටිකක් හොයා ගත්තෙ.
උපාධිලාභී ලේඛනයෙ අග මෙහෙම තියෙනව."පිරිමිහු ජාතික ඇඳුම හෝ උඩුකබාය සහ ටයි පටිය සහිතව පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳිය යුත්තාහ. කාන්තාවන් විසින් ප්රකර්ශයක් සැපයීම විශ්වවිද්‍යාලයෙන් අපේක්ෂිතයි"... තාමත් කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල පැහැදිලියිනෙ.
කාන්තාවන්ට සිදුවන තවත් මදි පුංචිකමක් මේ. විශේෂ දක්ෂතා ඇති අයට පදක්කම් පිරිනමනවනෙ. ඒක කරන්නෙත් කුලපති විසින්. මේ විශ්වවිද්‍යාලයෙ කුලපති හිමිනමක්නෙ. උන් වහන්සෙ පදක්කම කාන්තාවන්ගෙ අතට දීල කරට දාගන්න කියනව. පිරිමින්ට විතරක් කරට දානව. ඇයි? කාන්තාව දෙවන පෙළ සත්වයෙක්ද? ඒ වගේ දේවල් කරන්න බැරි නම් ඒ තනතුරු ගිහියන්ට දීල පැත්තකට වෙන්න ඕනෙ.
කොහොම හරි මේ උත්සවය පුරා තිබුණ මවාපාපු අමුතු ගාම්භීරකම අතරෙ අපිට නියම මනුෂ්‍ය හැසිරීමේ ස්වභාවය පෙන්නුවෙ එක් ආධුනික කතිකාචාර්යවරයෙක්. ඒ පෙරහැරේ ආපහු යන ගමන් කුලපතිතුමාට හපන්න දීල තිබුණු මොනවදෝ තිබුණ පීරිසයට අත ඔබල ඒකෙන් ටිකක් අරන් කටේ ඔබාගත්තු එක. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.
කොහොම හරි වැඩේ ඉවර උනා. ඒත් මම කල්පනා කළේ අර 2500/-ක් ගත්තෙ මොකටද කියල. අපට දුන්නු විස්තර පොත් 02ටයි මංජුසාවටයි රු.250/-ක්වත් යන්නෙ නෑ වැඩිපුර ගෙව්වත්. උපාධිධාරීන් 402ක් හිටිය. (ප්‍රථම උපාධිය ගත්ත අයගෙන් කීයක් ගත්තද දන්නෙ නම් නැහැ.)කොහොම උනත් කොහොමද කුට්ටිය? ඒ මුදල වියදම් කළේ ශාලාවට නම් ඒක අපරාදයක්. තමන්ගෙ විශ්වවිද්‍යාලයෙ අභිමානය තියෙන්නෙ ඒක ඇතුළෙ මිසක් BMICH එක ඇතුළෙ නෙවෙයි.

2010/04/10
හඩනු මැන නිදහස - නිවා දැමුණු කලු ගිනි පුපුර
ලෝකෙ වටේම සිද්ධ වෙන වර්ගවාදී ගැටුම් දකින හැම මෙහොතකම මගෙ මතකයට නැගෙන චරිතයක් තමයි බිකෝ කියන්නෙ. ඇත්තටම බිකෝ අප්‍රමාණ මිනිසෙක්.කලු මිනිසා කියන්නෙ පහත් ජීවියක් නෙවෙයි, විශිෂ්ඨත්වයට පත්වීමේ සියලු විභවයන් සහිත සාමාන්‍ය මිනිසෙක් කියන එක ලොවට හඩගා කියූ අප්‍රමාණ මිනිසෙක්. සිය වර්ගයා වෙනුවෙන් අප්‍රමාණ වධ විදල සිරකුටියක සීතල පොළොව මත ජීවිතය හළ සොදුරු මිනිසෙක්.... බිකෝ. බන්ටු ස්ටීව් බිකෝ.
මම මුලින් ම බිකෝව හදුනගන්නෙ සුනිල් මාධවගෙ හඩනු මැන නිදහස පොත කියවල. පස්සේ "CRY FREEDOM" film එක බලල. ඊටත් පස්සෙ අන්තර්ජාලයෙ සැරිසරල.
වර්ණය පාපයක් වූ සාපයට සිය ජීවිතයෙන් වන්දි ගෙවූ හතළිස් එක්වන කලු අප්‍රිකානුවා උන ඔහු වර්ණ භේදය ආගමක් වූ සමාජයකට එරෙහිව අභීතව සටන් වැදුණු දේශපාලනික ක්‍රියාධරයෙක් උනා. සිය පූර්වගාමී විප්ලවීය සගයන් සිරභාරයට ගෙන ඔවුන්ගේ හඩ නිහඩ කළ සමයක එඩිතරව ජාතියේ නියමුවා වූ යුග පුරුෂයෙක් උනා. නිරායුධ දෑතින් යුක්තිය ඉල්ලූ කල නීතියේ සගයන් මොළයට තිළිණ කළ මරණීය තුවාල හේතුවෙන් ලෝකයට අහිමි වූ මේ ආදරණීය කලු දකුණු අප්‍රිකානුවා තවමත් සුවහසක් හදවත් තුළ ජීවමානයි.
1946 දෙසැම්බර් 18 වන දින දකුණු අප්‍රිකාවේ කිං විලියම්ස් කුඩා නගරයේ උපත ලද ස්ටීව් බිකෝ සිය පවුලේ තෙවන දරුවා මෙන් ම දෙවන පිරිමි දරුවා. තමාට අවුරුදු 04ක් තරම් වයසේ දී ම කුඩා බිකෝට සිය පියාගේ සෙනෙහස අයිමි වන්නේ ඔහුගේ මරණය හේතුවෙන්.තමාට පිය සෙනෙහස අහිමි වුවද සමස්ත කලු ජාතිකයන්ට ම පියෙකු බදුව ආදරය කළ මේ සොදුරු මිනිසාගේ දේශපාලන දිවිය ආරම්භ වන්නේ ඉතාමත් තරැණ වියේදි. සිය දේශපාලන ක්‍රියාකාරීත්වය. කෙතරම් දක්ෂ සිසුවකු වුවද බිකෝව ලවඩේල් උසස් පාසලෙන් නෙරපා දැමීමට හේතුවන අතර කෙසේ හෝ සිය අධ්‍යාපන කටයුතු දිගටම පවත්වා ගෙන ගිය බිකෝ අවසානයේ දී වෛද්‍ය විද්‍යලයීය අධ්‍යාපනය හැරයන්නේ වර්ණබේද විරෝධී ව්‍යාපාරයේ පූර්ණ කාලීනයකු වෙමින්.
1968 වසරේ දී බිකෝ සමස්ත දකුණු අප්‍රිකානු කලු ශිෂ්‍ය සංවිධානයේ නිර්මාතෘ සහ ප්‍රථම සභාපති බවට පත්වෙමින් අධිරාජ්‍යවාදී සුදු පාලනයට එරෙහිව දැවැන්ත මතවාදී අරගලයක් දියත් කළ අතර එමගින් කලු විඥානය පිළිබදවසමජය දැනුවත් කිරීමටත් සුදු ජාතිකයන් ඉදිරියේ හීන මානයෙන් සහ බලාපොරොත්තු විරහිත බවින් පෙලුනු සිය වර්ගයා තුළ ආත්ම ශක්තියක් ගොඩ නැගීමේ විශාල මෙහෙවරක් කරන්නටත් යෙදුණා.
බිකෝගේ අරමුණ වූයේ සුදු ජාතිකයන් හැර කලු රජයක් බිහි කිරීම නෙවෙයි. බිකෝ හැම වෙලාවෙම කිව්වෙ අද ඔවුන් කරන දේම කරන්න නම් අපි එතැනට යන්න හදන්නෙ, අපි මේ කරන්නෙ කිසි තේරැමක් නැති වැඩක් කියල. ඔහුට උවමනා උනේ සුදු වෙනුවට කලු රටක් නෙවෙයි. සුදු කලු දෙපිරිසම සම සමව වැඩ කරන යහපත් රටක්. සුන්දර දකුණු අප්රිකාවක්. ඔහු ලියපු I WRITE WHAT I LIKE කියන පොතේ ඔහුගෙ අදහස් පැහැදිලිව ගොනු කරල තියෙනව.
බිකෝට රජය කොයි තරම් බය උනාද කියනව නම් ඔහුව තහනම් පුද්ගලයකු බවට පත් කළා. ඔහුට යන්න එන්න අවසර තිබුණෙ තමන්ගෙ නගර සීමාවෙ විතරයි. නමුත් තමන් වටා කැරකෙන පොලීසියෙ ඇස් වහල දුර බැහැර කලු ජාතිකයන්ගෙ රැස්වීම් අමතන්න ඔහු ගියෙ අප්‍රමාණ ධෛර්යයකින්. නමුත් 1977 අගෝස්තු 18 වන දා ඔහු කළ මේ වරද, ඔහුගේ පාර්ශවයෙන් මරණීය වරදක් උනා. එදින රැස්වීමක් අමතා එන අතර අත් අඩංගුවට පත්උන බිකෝ ව නිරුවත් කර දින 19ක් පෝට් එළසබෙත් හි සිර මැදිරියක රදවා තැබුණා. ප්‍රශ්න කරන්නට පෙරාතුව දින 02ක් දම්වැලකින් පුටුවකට ගැට ගහල තිබුණා. මෙහෙයුම ආරම්භ උනා. සිහිසුන්ව සිටි බිකෝව පරීක්ෂා කළ වෛද්‍ය වරයා කිව්වෙ මොළයට තදබල විදියට හානි වෙලා නිසා විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වන්න ඕනෙ කියල. ඒත් ළගම රෝහලට ගෙන යන්න පුළුවන්කම තියෙද්දි ප්‍රතිකාර වලට රැගෙන යන බව අගවල බිකෝව කි.මී. 720ක් එහායින් තිබුණ ප්‍රිටෝරියා වල සිර මැදිරියට ගෙනිච්චා. ඒ රෙද්දක්වත් එලන්නෙ නැතිව ලෑන්ඩ් රෝවර් රථයක පිටිපස්සෙ පටවල.
1977 සැප්තැම්බර් 12 වෙනිද, ඒ අමානුෂික ප්‍රවාහනයෙන් පසුවදා තමන්ගෙ සිර කුටියෙ සීතල පොළොව මත බිකෝ අවසන් හුස්ම හෙළුවෙ අනාගතයෙදි ලියැවෙන වීර දකුණු අප්‍රිකා ඉතිහාස කථාවේ ප්‍රබල පරිච්ඡේදයක් බවට පත් වෙමින්. දකුණු අප්‍රිකාවෙ විතරක් නෙවෙයි, ඉන් සැතපුම් දහස් ගණනක් දුර බැහැර අපේ හිත් වලද නොමැකෙන පිළිරුවක් වෙමින්.
බිකෝ ගැන ලියද්දි නොලියම බැරි කීපදෙනෙක් ම ඉන්නව. ඒ අය බිකෝට දුන්නු ශක්තිය මිල කරන්න බෑ. සුදු ජාතිකයෙක් උන ඩොනල්ඩ් වුඩ්ස් කියන පුවත්පත් කලාවේදියා ඉන් එක්කෙනෙක්. පස්සෙ කාලෙක ඔහුවත් තහනම් පුද්ගලයෙක් කළා. එන්ට්සිකි නම් ඔහුගේ බිරිද දේශපාලනිකව දැක්වූ සහයෝගය බිකෝට ඉමහත් ශක්තියක් උනා. ඒ වගේම වෛද්‍ය මම්පීලා රැම්පේලේ. බිකෝ ගෙ ජීවිතයේ දේශපාලනයේත් තවත් දැවැන්ත චරිතයක්. කලු ජාතිකයන් සදහා ම වන වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කරන්න බිකෝට උදව් වෙන්නේ ඇය.
සේරම ලියන්න ගියොත් මේක තවත් දිග් ගැහෙනව. අන්තිමේ මේ ගැන මගෙ අදහසත් කියලම නවත්තන්නම්.
මට හිතෙන්නෙ වාසනාවන්තම විප්ලවකරුවා තමයි විප්ලවයෙදි මිය යන්නෙ කියල. ඔවුන් මිය යන්නෙ දැවැන්ත අරමුණක් සාක්ෂාත් කරගන්න. ඉතුරු වෙන බොහෝ විප්ලවකරුවො විප්ලවය පාවාදෙන, ප්‍රතිපත්ති පාවාදෙන ආකාරය ඔවුන් දකින්නෙ නෑ. ඒකම වාසනාවක් නෙවෙයිද? පස්සෙ කාලෙක දකුණු අප්‍රිකාවෙ කලු රජයක් බිහිඋනා. එත් බිකෝල බලාපොරොත්තු උන පෙරලිය අදටවත් සිද්දවෙලාද? මේක අදාලවෙන්නෙ දකුණු අප්‍රිකාවට විතරක්ම නෙවෙයි.
2010/04/04
සතුට තියෙන්නෙ අපි ගාව
ජීවිතේ අපේ උනාට සතුට තියෙන්නෙ අනුන් ගාවවරෙක මගෙ සරසවි සගයෙක් මානව ශාස්ත්රපීඨයෙ දේශන ශාලාවට ඇතුළුවන තැනම එහෙම ලියල තිබුණා.ඒක දකින හැම මොහොතකම දැණුනෙ පපුව කඩාගෙන යනව වගේ හැගීමක්.ඒත්... ඒත් ඒ කතාව වැරදියි. සහමුලින්ම වැරදියි. ජීවිතයට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නැති දුර්වලයෙකුට විතරයි ඒහෙම හිතන්නවත් පුළුවන්. ජීවිතේ අපේ නොවුනත්... සතුට තියෙන්නෙ අපි ගාව.
Subscribe to:
Posts (Atom)